මම කලින් වැඩ කරපු තැන ඉන්නවා මරු ඩයල් එකක්. මිනිහගේ නම... අපි ඇත්ත නම
නොකියා මිනිහට කියමු හලාල් කියලා. මිනිහට කොහොමත් නම අන්තිමට හලාල් කියන
කෑල්ල දාල තමයි කට්ටිය කතා කරන්නේ. මිනිහා මුස්ලිම් තමයි කොහොමත්. මිනිහා
කරපු වැඩ ගොඩක් මතක් වීගෙන වීගෙන එනවා දැන්. බලමු කොහොම හරි ගලපලා
ලියාගන්න.
මම කලින් වැඩ කරේ අන්තර්ජාල සේවා සපයන (Internet service provider) ISP ආයතනයක. මම හිටපු ඩිපාර්ට්මන්ට් එකට අයිති වැඩේ තමයි පැය විසි හතර පුරාවටම, කස්ටමර්ස්ලට ඇතිවෙන තාක්ෂණික ගැටළු (Technical Issues) වලට උදව් කරන එක. ඉතින් අපිට වැඩ කරන්න තිබුනේ ශිෆ්ට් ක්‍රමයට. ඔය හලාල් කියන හාදයත් අපේ ඩිපාර්ට්මන්ට් එකෙමයි වැඩ කරේ.
ඒ දවස් වල රජය මැදිහත් වෙලා ව්‍යාපෘතියක් කරා නැණසල කියලා පිට පලාත්වල ඉන්න ළමයිට තොරතුරු තාක්ෂනය ඉගෙනගන්න මධ්‍යස්ථාන හදලා දෙන. ඔය හැම නැණසළකටම ඉන්ටර්නෙට් දීල තිබුනේ අපි. අනිත් එක තමයි ගොඩක් නැණසලවල් පිහිටලා තිබුනේ පන්සල් ආශ්‍රිතව. ඉතින් ඒවායේ කන්ටැක්ට් පර්සන් විදියට බොහෝවිට සිස්ටම් එකේ නම සටහන් වෙලා තිබුනේ ඒ පන්සලේම ඉන්න හාමුදුරු නමකගේ. එහෙම නොවෙන ඒවත් තිබුනා. දවසක් ඔය නැණසලක ප්‍රශ්නයකට එහෙට කතාකරන්න බාර උනේ අපේ හලාල්ට. මිනිහා ගත්තා කෝල් එක. අරන් කියනවා.. "අවසරයි සඳරුවන් හාමුදුරුවනේ මම මේ කතා කරන්නේ අහවල් ආයතනයෙන් හලාල්, සඳරුවන් හාමුදුරුවන්ට පුලුවන්ද ඔතන තියෙන රවුටර් එක පොඩ්ඩක් රී-බූට් කරන්න." අපිට පැලෙන්න හිනා. සිස්ටම් එකේ ඇඩ්රස් එක පන්සලක් උන නිසා මිනිහා හිතලා තියෙන්නේ කන්ටැක්ට් නේම් එකේ තියන සඳරුවන් කියන්නේ හාමුදුරු කෙනෙකුට කියලා. මට හිතාගන්න බැහැ ඒ වෙලේ සඳරුවන්ගේ මූණ කොහොම තියෙන්න ඇද්ද කියලා.
මිනිහගේ තව සීන් එකක් තියෙනවා කතා කරන්න ගත්තම පටන්ගත්තේ කොහෙන්ද කියලා මිනිහටම අමතක වෙනවා. තව දවසක් ඔය වගේම කස්ටමර් කෙනෙක් එක්ක අපේ හලාල් ෆෝන් එකෙන් කතාව. ට්‍රබල්ශූට් කරන හැටි කස්ටමර්ට කියල දෙන්න උත්සහ කරනවා. විනාඩි විස්සකට වඩා ෆෝන් එකේ එල්ලිලා ට්‍රයි කරත් වැඩේ හරියන්නේ නැහැ. මූ කියන එක කස්ටට තේරෙන්නේ නැහැ. කස්ටා කියන එක මූට තේරෙන්නේ නැහැ. අපිටත් අහන් ඉඳලා ඇති වෙලා තිබ්බේ. මුගේ මූණත් අඬන්න වගේ හොඳටම කලබල වෙලා. මූ අන්තිමට බැරිමතැන කස්ටට කියනවා "මහත්මයා දැන් ඔයත් කලබල වෙලා ඉන්නේ, මාත් කලබල වෙලා ඉන්නේ, අපි මේක මුල ඉඳන් පටන්ගමුද?"...
තවත් දවසක් මිනිහගේ අතින් සර්වර් රූම් (server room) එකේ බ්රෙකර්ස් වගයක් off වෙලා මිනිහා ඇත්තටම අඬලා තියෙනවා. එකනම් කිව්වේ එතනම හිටපු මගේ යාලුවෙක්. ඒ වෙලේ හලාල්ට පපුවේ අමාරුවකුත් අල්ලලා බයට. හැබැයි මගේ යාලුවානම් කිව්වේ පපුවේ අමාරුව ගත්තේ බැනුම් අහන්න වෙයි කියලා තියෙන බයටලු. හැබැයි ඇත්ත වෙන්නැති. මිනිහගේ ඔය වගේ අණ්ඩපාල වැඩ ගොඩක් තිබුනා. හලාල්ගේ ආච්චි හය පාරක් මැරිලා තියෙනවා. සීයා හතර පාරක් මැරිලා තියෙනවා (නිවාඩු ගන්න). නංගිලා හතර දෙනෙක් බැඳලා තියෙනවා. ඉස්සරහටත් නිවාඩු ගන්න වටපිටාව හදාගන්න ඕන නිසා මිනිහා නිතරම තාමත් කියනවා නංගිලා හතර දෙනාව බන්දලා දෙන්න තියෙනවා කියලා.
අපේ නයිට් ශිෆ්ට් එකේ ඉන්නේ දෙන්නයි. කට්ටිය කැමතිම නැහැ මූත් එක්ක නයිට් කරන්න. ඒකට එක හේතුවක් මොකක් හරි හදිස්සි අවස්ථාවකදී මූ කලබල වෙලා වැඩේ අනන එක. අනිත් එක මුගේ කියවිල්ල අහන් ඉන්න බැරි එක. මුගේ කියවිල්ල කිව්වම මතක් උනේ.. අපිට රිපෝර්ට් කරන්න තිබුන බොසාගේ නම ලගාන්ත (මනක්කල්පිතයි). මූ වැරදිලාවත් ලගාන්තට කෝල් එකක් ගත්තොත් ඒ කතාබහේ සීයට හැටකට වඩා තියෙන වචනේ තමයි "මිස්ට ලගාන්ත." දවසක් අපි ගණන් කරා, විනාඩියේ කෝල් ඒකට "මිස්ට ලගාන්ත" කියන යෙදුම තිබුනා දහඅට පාරක්. උදාහරණයක් විදියට කියනවානම් "මිස්ට ලගාන්ත, මම හලාල් මිස්ට ලගාන්ත, කැන්ඩි නොඩ් එක මිස්ට ලගාන්ත උදේ ඉඳන් මිස්ට ලගාන්ත ඩවුන් මිස්ට ලගාන්ත. අපි මිස්ට ලගාන්ත, කස්ටමර්ස්ලාට මිස්ට ලගාන්ත කෝල් කරා මිස්ට ලගාන්ත. මිස්ට ලගාන්තට ඉන්ෆොර්ම් කරන්නයි මිස්ට ලගාන්ත මම මේ කෝල් කරේ මිස්ට ලගාන්ත." ඌ අපිට කතා කරන්නෙත් "මචන් මචන් මචන් සෑම්, මාර වැඩේනේ වෙලාතියෙන්නේ මචන් මචන් මචන්" ඔය වගේ....
හලාල්ගේ වැඩේ නයිට් ශිෆ්ට් එක පුරාවටම වැල බලන එකයි. ඌ ඒකට තොර ගන්නේ "පුසා"ගේ කොම්පීටරේ. අපි ඇහැරිලා ඉන්නකොට ඌට නිදහසේ බලාගන්න අමාරුයිනේ එක නිසා උගේ ට්‍රික් එක තමයි අපිව නිදිමත කරන එක. "අද හරි නිදිමත දවසක් නේද", "අද රෑට ටිකක් වැඩිපුර කැවුනා මචන් මාර නිදිමතක් තියෙන්නේ", "මචන් සෑම් උඹ අද කලින් නිදාගනින් අද ඩේ ශිෆ්ට් එකත් කරලා මහන්සි ඇතිනේ" වගේ එක එක කතා කියලා අපිව නිදි කරවනවා. ඊට පස්සේ උගේ අහවල් එක පුසාගේ කී බෝර්ඩ් ඒකට තද කර කර වැල බලනවා. ඊට පස්සේ විනාඩි විස්සක් විතර ටොයිලට් ඒකට වෙලා ඉඳලා එනවා. අනේ අර අසරණ පුසා ඔය මුකුත් දන්නේ නැහැ උදේට ඇවිත් කීබෝර්ඩ් එක හොඳට අත ගගා වැඩ.
මට මේ මතක් උන ටික. තව ගොඩක් තියෙනවා උගේ වැඩ කිඩ...