මේක මගේ යාලුවෙක්ට උන වැඩක්. පොර ඉන්නේ මරදගහමුල පැත්තේ. පොරට තියෙනවා හාල් මෝලක්. ඇත්තටම කියනවනම් පොරට නෙමෙයි පොරගේ තාත්තට තියෙන්නේ. මූට ඉස්සර කොල්ලෝ කියන්නේ, මූට තියෙන්නේ ගල් මෝලක්ලු. මුන් ඒ ගල් අස්සට හාල් දාල පැකට් කරලා විකුනනවලු. එච්චරට ගල් මුන්ගේ හාල් වල.
දැන් කතාව ඒක නෙමෙයි. දවසක් අපේ කොල්ලා යාලුවෙක්ගෙ ගෙදර සෙට් වෙලා රෑ වෙලා ගෙදර එනවා. වත්තට ඇතුල් වෙලා ගේ ගාවටම එනකොට කොල්ලට කබා පාරක් (කබා = කබරයා, ඒ කිව්වත් තේරෙන්නේ නැති එකෙක් ඉන්නවනම් දන්න කෙනෙක්ගෙන් අහගනිල්ලා) යන්න ආවා. මුකුත් හිතන්න පතන්න කාලයක් තිබුනේ නැහැ කොල්ලා දැම්ම කබා පාර බො...ක් ගාලා පාපිස්ස උඩම. මොනවා කරන්නද උන දේ දැන් උනා. කොල්ලා හිතාගත්තා උදේම නැගිටලා ඕක අස්කරලා දානවා, දැන් ගිහින් නිදාගන්නවා කියලා. (මොකද ඔය කාලේ ඉතින් ගෙදරට හොරෙන් බොන කාලෙනේ.) මුගේ කාමරේට එලියෙන්ම යන්න පුළුවන් නිසා මූ හීන් සැරේ ගිහින් නිදා ගත්තා. ඔන්න දැන් කොල්ල එලාර්ම් එකත් සෙට් කරලා උදේම නැගිටලා අවා කබා ටික අස් කරලා දාන්න. මාර කෙස් එක, කබා ටික නැහැ. කොල්ල අන්ද මන්ද වෙලා වට පිට බලද්දී වැඩේ තේරුනා. මුගේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නා ඔක්කොම කබා ටික කාලා. ඇයි ඉතින් ඔක්කොම තියෙන්නේ කලින් දවසේ බයිට් එකට කාපු මස්, ඉස්සෝ, දැල්ලෝ වගේ ඒවානේ. පාපිස්සේ හෝදන්න දෙයකුත් නැති නිසා කොල්ලා ගිහින ආයේ නිදා ගත්තා.
ටික දවසකට පස්සේ ආයේ ඔය වගේම දවසක් අපේ පොර සෙට් වෙලා එහෙම ගෙදර ඇවිත් ඇඳේ ඉන්නකොට කබා යන්න ආවා. කාමරේ දාන්න තැනකුත් නැහැ. බාත් රූම් එකට ගියොත් ගෙදරට මාට්ටු. දැන් මොකද කරන්නේ? කොල්ලට පහල උනා ගණ දෙවි නුවණ. හිමීට කාමරෙන් එලියට බැහැලා දැම්ම කබා පාර පාපිස්සට. ඇයි පොතේ හැටියට බල්ලෝ ටික වැඩේ දෙන්න එපැයි. පොර ඉතින් ආතල් එකේ දවල් වෙනකන් නිදාගෙන ඇහැරිලා ගියා බලන්න පාපිස්ස. මාර වැඩේ.. කබා විතරක් නෙමෙයි පාපිස්සත් නැහැ. වට පිට බලනකොට දැක්ක අම්ම එනවා පාපිස්සත් අරගෙන, හෝදලා වේලෙන්න දාන්න.
අම්මා අහනවා කොල්ලගෙන් "මොකාද මේ පාපිස්සේ වමනේ කරේ?"
කොල්ලට තේරුනා වැඩේ හරි කියලා. මොනවා හරි කියන්නත් එපැයි මූ කියපි "ආහ් ඔය අපේ බල්ලෝ දෙන්නගෙන් එකෙක් දාන්න ඇති, මම දැක්ක කලින් දවසකුත් දාල තියෙනවා.." කියලා.
අම්මා ටිකක් වෙලා සද්ද නැතුව ඉඳලා කියනවා...
"හ්ම්ම්.. බල්ලෙක් තමයි දාන්න ඇත්තේ.. හැබැයි ඌ ඊයේ රෑට කාල තියෙන්නේ ෆ්රයිඩ් රයිස්, බීල තියෙන්නේ අරක්කු.. මම මේ තාත්ත එනකන් ඉන්නේ ඕකව අල්ලාගෙන දෙකක් ඇනලා ගෙදරින් එළවලා දාන්න."
අවවාදයයි : බීමත්කමින් බල්ලාත් නිවසත් දෙකම අහිමි විය හැකිය.
මචන් ඔය හාදයා කොළඹ 7 ලොකුම ඉස්කෝලෙට ගිය, 2003 බැච් එකේ එකෙක් නේද?
ReplyDeleteඑල මචන් කතාව..
ඔව් ඔව් ඇනෝ.. ඒ ඌ තමයි. උඹ ඇනොනිමස් විදියට ආවට මම දන්නවා උඹ කවුද කියලා.. මම තාම බ්ලොග් එක ගැන කිව්වේ කිහිප දෙනාටයි. කොහොමහරි කමක් නැහැ තෑන්ක් යූ වේවා ඉසිස්සෙල්ලාම දුන්න කොමෙන්ටුවට.
Delete