මම මේ බ්ලොග් එක පටන්ගත්තේ මගේ ඔලුවට එන පිස්සු කතා අනිත් අයට පෙන්නන්නමත්
නෙමෙයි. මට හිතෙන ඒවා කොහේ හරි කමක් නැහැ ලියලා තියන්නත් එක්කයි. ඉතින් මේ
සටහන වැඩියක්ම තියන්නේ ඔය දෙවනියට කියපු අරමුණෙන්.
ඊයේ මගේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට වැඩ කරපු යෙහෙලියක් අස් වෙලා ගියා. තව ජොබ් එකක් හොයාගන්නෙත් නැතුව තමයි අයින් උනේ. එහෙම එක පාරටම අස් වෙලා යන්න හේතුව උනේ මොකක්ද? එයානම් කිව්වේ ගෙදරට වෙලා අම්මව බලාගෙන ඉන්න ඕනා, ඒ අතරේ teaching (ගුරු වෘතිය) වගේ රැකියාවක් ලැබුනොත් යනවා නිවාඩු තියෙන නිසා කියලා. එත් ඇත්තම හේතුව ඒකද? අපි ඔක්කොම දන්නවා ඇත්තම හේතුව එක නෙමෙයි කියලා. ඇත්තම හේතුව පොඩි පොඩි හේතු ගොඩක් එකතු වෙලා හැදිච්ච සංකීර්ණ එකක්. එත් අපිට මතුපිටින් පේන කරුණු අරගෙන සරලව මෙහෙම කියන්න පුළුවන්.
අපේ ඔෆිස් එකේ ව්‍යූහය හැදිලා තියෙන විදියට අයිතිකාරයෝ මෙතනට කෙලින් ඇඟිලි ගහන්නේ නැහැ. අපේ මැනේජින් ඩිරෙක්ටර් (MD) තමයි ඉහලට කරුණු දක්වන්නේ. එයාට පහලින් ඉන්නවා ජෙනරාල් මැනේජර් (GM) කෙනෙක්. මෙන්නේ මේ GM හාදයාගේ බුද්ධිමත් භාවය, උතුංග දේහධාරී දැනුම, සහ පරිකල්පන මෙව්වා එක ගැන කියලා වැඩක් නැහැ. කොටින්ම කිව්වොත් මෙයා ගොන් රජෙක්. මෙයා ගැන විස්තරාත්මක පොස්ට් එකක් පස්සේ දාන්නම්. මේ GM හාදයා තමයි අර අයින් උන ළමයව වැඩට ගත්තේ. එයා බලාපොරොත්තු උනා එයාගේ කේලාම් බලකාය මේ ළමයාට කියලා තවත් ශක්තිමත් කරගන්න. එත් එක කරගන්න බැරි උනා. ඒ ළමයා වැදගත් ගැහැණු ළමයෙක් වගේ තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන ගියා. අන්න එතකොට ඒ ළමයව කැපෙන්න ගත්තා. ඒ වගේම ඔය GMට ගොට්ට අල්ලන HR මැනේජර් වරියට වඩා අර ළමයාගේ අධ්‍යාපන සුදුසුකම් වැඩියි. ඒ නිසා ඒ පැත්තෙනුත් කැපිල්ල ආවා. ඒ සුදුසුකම් තිබිලත් අපේ යෙහෙළියට දීලා තිබුනේ පහල මට්ටමේ designation (රැකියා නාමය) එකක්. ඒ ළමයාගෙන් හොඳට වැඩ ගත්තා. කිසිම හේතුවක් නැතුව රෑ වෙනකන් ගෙදර යන්න දුන්නේ නැහැ. එක පාරක් අපි මැනේජ්මන්ට් එකට නොකියා නිවාඩු දවසක ට්‍රිප් එකක් ගියා. (එහෙම නොකියා ගියේ කියන්න ගියානම් ඕකටත් බකට් එකක් පෙරලනවා) එකටත් ඒ ළමයව අල්ලාගෙන පලු යන්න බැන්නා. ඔන්න ඕවා නිසා කලකිරුන අපේ යෙහෙළිය ඊයේ අපේ ආයතනයෙන් අයින් උනා. එයාට මොනවාහරි අරන් දෙන්න සල්ලි එකතු කරන්න අපේ තවත් යෙහෙලියක් GM ගාවටයි HR මැනේජර් වරිය ගාවටයි ගියා. දෙන්නාගේම උත්තරේ උනේ "ඔය එක එකාට දෙන්න අපේ ගාව සල්ලි නැහැ" කියන එකයි. අපි අපිට පුළුවන් විදියට සල්ලි එකතු කරලා සුළු තෑග්ගක් අරන් දුන්නා.
මගේ ප්‍රශ්න මෙන්න මේවා. මොන තරහා තිබ්බත් මනුස්සයෙක්ට ඔච්චර කුරිරු වෙන්න පුලුවන්ද? උසස් තනතුරු දරන අය විදියට ඔච්චර පහත මට්ටමකට වැටෙන්න පුලුවන්ද?
හැබැයි මෙයාලා කරන අනිත් වැඩ දිහා බැලුවම කෙනෙක්ට හිතෙයි මේ හිඟන්නොද කියලා. (හිඟන්නන්ට අපහාසයක් කරන්න නෙමෙයි එහෙම කිව්වේ) චූටි දරුවෙක්ටත් මෝඩ වැඩ කියලා තේරෙන දේවල් මෙයාලා ලොකුවට උඩ දාගෙන කරද්දී ටොප් මැනේජ්මන්ට් (Top Management ) එක සද්ද නැතුව ඉන්නේ ඇයි? කව්රු හරි ගාව මේවට උත්තර තියෙනවද?

සල්ලි
මිටි ගණන් යටි මඩි ගහන හැටි, අවංකව වැඩ කරන අයව පීඩාවට පත් කරන හැටි, බත්
ඇටේ ඉඳන් orange juice එක දක්වා අයුතු ලෙස බුක්ති විඳින හැටි දැකලා දැකලා
අපිට දැන් අප්පිරියා වෙලා ඉන්නේ.
මේවායෙන් ගැලවෙන්න ක්‍රමයක්, අපිට අපේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් කව්රුහරි දන්නවද?
අන්තිමට අපේ යෙහෙළියට කියන්න තියෙන්නේ ඉස්සරහටත් කරන දෙයක් මේ වගේම හොඳින් කරන්න. අපිත් එක්ක වගේම හොඳින් ඉන්න කවදා හරි ඔයාට හරි යනවා සිකුරුයි.
ජය වේවා...!!!
No comments:
Post a Comment