කාලෙකින් මුකුත්ම ලියාගන්න බැරි උනා. අපේ ඔපීසියේ අලුත් ප්‍රොජෙක්ට් වගයක්
(කාටවත් මෙලෝ රහක් නැති වැඩ තමයි) ගිය නිසා පට්ටම බිසී උනා.
කොහොම හරි මේ දවස් වල නැගලා යන IPL වලට සම්බන්ධ දෙයක් ලියන්න මට හිතුනා. IPL කියන්නේ සල්ලි උල්පතක් කියලා
හැමෝම දන්නවනේ. මට ඇහිලා තියෙන විදියට එක තරඟ වාරයකදී ක්‍රීඩකයෙක්ට ගෙවන
මුදල දෙවැනි වෙන්නේ ඇමෙරිකන් පැසි පන්දු (basket ball) ක්‍රීඩකයෙක්ට
ගෙවන මුදලට පමණයි. ඉතින් එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල
ක්‍රිකටර්ස්ලා වගේ මුදල් උපයන්නේ නැති අපේ රටවල වගේ ක්‍රිකර්ටර්ස්ලාට මේක
මහඟු අවස්තාවක්. අවරුදු තුනකට වරක් තියෙන වෙන්දේසියෙන් ඉහල මිලකට අලෙවි
වන්න වගේම වෙන්දේසියට නම යෝජනා වෙන්නත් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න ඕනා. මේ
දක්ෂතාවන්ගෙන් පිරුණ, ඒ වගේම ඉහල මිලකට වෙන්දේසි උන, T20 තරඟ වලට නැතුවම
බැරි ක්‍රීඩකයෙක් ලෙසට විචාරකයෝ හදුන්වන ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග
කියන්නේ.
ලසිත් මාලිංග කියන්නේ ක්‍රිකට් ලෝකයේ එදා මෙදා තුර හිටපු, ඉන්න,
ක්‍රීඩකයන්ගෙන් මම ආසම කරන ක්‍රීඩකයන් කිහිපදෙනා අතර හිටපු ක්‍රීඩකයෙක්. මට
මාලිංග කියන ක්‍රීඩකයා ගැන මුලින්ම අප්‍රසාදයක් ඇති උනේ 2011 ලෝක
කුසලානයෙන් පස්සේ ටෙස්ට් තරඟ වලින් ඉවත් වෙන්න තීරණයක් ගත්ත වෙලාවේ. මාලිංග
එකට හේතුව විදියට කිව්වේ දවස් පහේ තරඟ වලට එක දිගට ක්‍රීඩා කරපුවාම තමන්ට
නිතරම ඇති වෙන ආබාද තත්වයන් තවත් වැඩි වෙයි කියලා. ඒක නිසා T20 තරඟ වලටයි
එක්දින තරඟ වලටයි තමන්ගේ උපරිමය දෙන්න බැරි වෙන නිසා තමයි මේ තීරණය ගන්නේ
කියලා. සමහරුනම් කිව්වේ මාලිංග එහෙම තීරණයක් ගත්තේ IPL ගහන්න බැරි වෙයි
කියන බයට කියලයි. මටත් එහෙම හිතුනත් අපි යාළුවන් අතර ඇති වෙන ක්‍රිකට්
සංවාද වලදී මම හැම වෙලේම මාලින්ගව සාධාරනීකරණය කළා. ඒ යාළුවො ඉස්සරහම මගේ
කට වැහිලා මූණ ඇකිලිලා යන නිවුස් එකක් මට ලඟදි ඇහුනා. "මාලිංග ශ්‍රී ලංකා
ක්‍රිකට් සමග ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි" ඒ නිවුස් ඒක ඇහුන
දවසට පස්සේ දා මාලිංග මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා කිව්වා "ඔව් මම
ක්‍රිකට් ගහන්නේ සල්ලි වලට තමයි, මට ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙවන මුදල මදියි
කියලා" ඔන්න ඉතින් මගේ ක්‍රිකට් ලෝකයේ වීරයෙක් වෙලා හිටිය මාලිංග අධමයෙක්
ගානට මට පෙන්න ගත්තා. එහෙම මාලින්ගව පෙන්නන්න බැරි උනේ මට විතරක් නෙමෙයි
කියලා කතා බහ කරද්දී මට තේරුනා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ
කැමතිම කණ්ඩායමක් වෙලා තිබුන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් ගොඩක් දෙනෙක්ට
දැන් එපා වෙලා (එකටනම් හර්භාජාන් සින්ග් කැප්ටන් උන එකත් හේතුවක්). හුඟ
දෙනෙක් කියන්නේ අන්තිම අව්රුද්දෙ විතර මාලින්ගගෙන් අපේ ක්‍රිකට් කණ්ඩායමට
ලොකු දෙයක් කොහොමටත් උනේ නැහැ කියලයි.
මේ විදියට සල්ලි නිසා විශේෂයෙන්ම IPL සල්ලි නිසා තමන්ගේ රටට ද්‍රෝහී උන
පලවෙනි ක්‍රීඩකයා මාලිංග නෙමෙයි. වෙස්ට් ඉන්ඩීන්ස් ටීම් එකේ ගොඩක්
ක්‍රීඩකයෝ ඉන්නවා මේ වැඩේට නම් දරාපු.
මාලිංග ප්‍රමුක බොහෝ ක්‍රීඩකයෝ IPL වලදී තරම් උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රීඩා
කරන්නේ නැති බව ක්‍රිකට් බලන ඕන කෙනෙක්ට තේරෙනවා. ඕනෑම කෙනෙක් සල්ලි වලට
ආසයි. තමන්ට දැන් ලැබෙනවාට වඩා කීයක් හරි වැඩියෙන් උපයාගන්න තමයි හැමෝම
හදන්නේ. එත් ඒ වෙනුවෙන් තමන්ගේ මුල අමතක කරන ඒක හරිද? තමන්ගේ රට අමතක කරන
ඒක හරිද? තමන් මහා වීර ක්‍රියාවක් කරා වගේ පුරසාරම් දොඩවන ඒක හරිද?
IPL එන්නේ අව්රුද්දකට ඒක පාරයි. IPL එකට තේරෙන්න, වැඩි මිලකට වෙන්දේසි
වෙන්න; දක්ෂතා පෙන්නන්න වෙන්නේ තමන්ගේ රටට ක්‍රිකට් ගහල. තමාගේ ෆිට්නස්
ලෙවල් ඒක පෆොර්මන්ස් කන්සිස්ටන්සි ඒක පවත්වා ගන්න පුළුවන් වෙන්නේ තමාගේ රටට
ක්‍රිකට් ගහලා. එංගලන්තේ කවුන්ටි ක්‍රිකටුත් හොඳ අවස්තාවක් උනත් ටෙස්ට්
ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැති කෙනෙක්ට මේක ඉතාම අමාරු වැඩක් කියලයි මට
හිතෙන්නේ. මේ වගේ දේවල් නිසා මට පේන්නේ මාලිංග ලඟා වෙන්න තමාගේ ක්‍රිකට් වල
අවසානයට කියලා.
මාලිංග ඔබට ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ සුභපැතුම්...!!!
No comments:
Post a Comment